හම්බන්තොට සරුංගල්වලට රතු එලියක්

අගෝ 19, 2023

    පවත්නා විදුලි අර්බුදයට විසදුම් ලෙස පෞද්ගලික විදුලි බලාගාර මගින් විදුලිය ලබා ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

    මේ අතර, දකුණු පළාත සම්බන්ධ කෙරෙන විදුලි පද්ධතියේ ඉදිකිරීම සියයට 60 කින් පමණ අවසන් වී ඇති බවයි, ජ්‍යේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා කියා සිටියේ. මේ අතර, හම්බන්තොට විදුලි රැහැන් මාර්ගය අවට සරුංගල් යැවීමෙන් වලකින ලෙස විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබෙනවා. කිලෝවොට් 220 ක අධිවෝල්ටීය සම්ප්‍රේෂණ මාර්ගයක් බැවින්, ආරක්ෂක පියවරක් ලෙසයි, මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ. මෙම සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් පවතින්නේ, අවසන් අදියරේ.

    Latest News