කොළඹ අයට විශේෂ දැනුම්දීමක්

අගෝ 19, 2023

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (19) පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ අනූව පෙරවරු 8.00 සිට 20 වැනිදා ඉරිදා අලුයම 2.00 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. 

    කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය බල ප්‍රදේශවලට මෙන්ම රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශ මීට අයත්.

    Last modified on සෙනසුරාදා, 19 අගෝස්තු 2023 10:05

    Latest News