බම්බලපිටියේ මාරක අනතුර

අගෝ 14, 2023
    බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස්හංදිය අසළදී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

    කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරි රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ. මෙහි දී බස්රථය පෙරලීගොස් තිබෙනවා.

    සිද්ධිය වන අවස්ථාවේ මගීන් 15 දෙනෙකු බස්රථයේ සිට ඇති අතර, ඉන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා.
     
    බස් රථය විදුලි සංඥා නොතකා ධාවනය කිරීම හේතුව අනතුර සිදුව ඇති බවටයි පොලීසිය පවසන්නේ.
    Last modified on සදුදා, 14 අගෝස්තු 2023 09:43

    Latest News