කුෂ් නිෂ්පාදනය සදහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය අයෙකු අත්අඩංගුවට

ජූලි 31, 2023

    කුෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා හරිතාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඇහැලියගොඩ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා. එම ප්‍රදේශයේ නිවසකයි මෙම හරිතාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ. කුෂ් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට ඔහු හරිතාගාර අනුසාරයෙන් ගංජා වගා කර තිබෙනවා. එහි සරුවට වැඩුනු ගංජා පැල 15 ක් පමණ තිබූ බව එම බලකාය පවසනවා. කහවත්ත කඳවුරේ උප පොලිස් පරීක්ෂක එම්.ඒ.පී.නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදු කළා.

    Latest News