පා.ම. අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනයේ සැකකරුවන්ට ඇප

ජූලි 28, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ඝාතන නඩුවේ සැකකරුවන්ට අද ඇප නියම කෙරුණා.

    ඒ ගම්පහ පළාත්බද මහාධිකරණයේදී.  මෙම ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා බාර දුන් එම නඩුවේ සැකකරුවන් 37 දෙනා අද ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප 4 ක් මතයි, නිදහස් කෙරුණේ. ඒ, සහන් යාපා බණ්ඩාර, රුවන් පතිරණ සහ රශ්මි සිංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

    මීට අමතරව, චූදිතයන්ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා. සෑම ඉරිදා දිනකම ඔවුන්ට නිට්ටඹුව පොලිසියේ පෙනී සිටින ලෙසයි, විනිසුරු මඩුල්ල නියෝග කළේ. නීතිපතිවරයා වෙනුවෙන් සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියා.

    Latest News