කෝටි 7ක මත්කුඩු රේගු දැලේ

ජූලි 27, 2023

    ‍සීදූව - පෞද්ගලික කුරියර් ආයතනයක් වෙත එවා තිබූ රුපියල් කෝටි 7 ක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණා. එය, මෙරට රේගු ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමයි.

    නෙදර්ලන්තය සහ අමෙරිකාවේ සිට කොළඹ සහ පිළියන්දල ප්‍රදේශයන්හි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපල් පාර්සල් 9 ක් පමණ මීට මාසයකට පමණ පෙර එවා ඇති බවයි, රේගු නිලධාරින් පවසන්නේ.

    එම පාර්සල් බාර ගැනීමට කිසිඳු පුද්ගලයෙකු නොපැමිණීම හේතුවෙන් ඒවා පරික්ෂා කිරීමට රේගු නිලධාරින් කටයුතු කළා.

    එහිදී, මැජික් මස්රූම් ග්‍රෑම් 297 ක් , මෙතැම්පටමයින් පෙති 2000 ක්, චොක්ලට් ආකාරය සකස් කළ මත්ද්‍රව්‍ය තොගයක් සහ ගංජා තොගයක් ද එහි තිබි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මත්ද්‍රව්‍ය ‍තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 6 ක්.

    Latest News