රෝගාතුර ව සිටි ගෝනෙකුට ප්‍රතිකාර

ජූලි 19, 2023

    අත්තිඩිය වනජීවී කාර්යාලය රෝගාතුරව සිටි විශාල ගෝනෙකුට ප්‍රතිකාර ආරම්භ කර තිබෙනවා.

    එම ගෝනා අවිස්සාවේල්ල හේවාඉන්න ප්‍රදේශයේදී අනතුරකට ලක්ව සිටි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

    ලබුගම කලටුවාන රක්ෂිතය ආසන්නයේ පිහිටි ගම්මානයකදී ගෝනාගේ අංතට්ටුවට හානි සිදුව තිබෙනවා. ඒ පිළිබඳව ගම්වාසීන් දැනුම් දීමෙන් පසු ගෝනා අත්තිඩිය වනජීවී කාර්යාලය වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News