මන්ත්‍රීවරුන්ට අලුත් මුද්දරයක්

ජූලි 06, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරුණා.

    ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. උත්සවය පැවැත්වුණේ, පාර්ලිමේන්තු පුස්තකාලයේදී. නව මුද්දරය රුපියල් 50 ක වටිනාකමකින් යුක්තයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මුද්දරය නිකුත් කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ යන මහත්වරුන් සහ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News