තායිලන්තයේ ප්‍රදර්ශනයට මෙරටින් මුද්දර 4ක්

නොවැ 29, 2018

    තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික තැපැල් මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට මෙරට නව මුද්දර 4ක් එළිදක්වනු ලැබීය.

    උත්සවය පැවැත්වුණේ, කොළඹ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී. බාබරින්, පේදුරුතුඩුව, ගල්බොක්කතුඩුව සහ ඔලුවිල් යන ප්‍රදීපාගාර ඉන් පිළිඹිඹු කෙරෙයි. ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට මුද්දර නිර්මාණය කෙරුණේ, ප්‍රථම වතාවටයි.

    එක් මුද්දරයක වටිනාකම රුපියල් 45ක්. අමාත්‍ය සී.බී.රත්නායක මහතා සහ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News