CTB බසය භූතයාගේ හැපී 15ක් රෝහලේ

මාර් 25, 2019

    රංදෙනිගල සිට හසලක කොළොන්ගොඩට ගමන් කළ උදැසන පාසැල් ලංගම බස් රථය මිනිපේ, හදගනාවේදී පාරෙන් ඉවතට පැන කුඹුරේ තිබු ගොයම් මඩින “බූතයා“ යන්ත්‍රයක ගැටී තිබේ.

    අනතුර අද (25) උදැසන 6.30ට පමණ සිදුව ඇතියි හසලක පොලිසිය පවසයි. මෙසේ අනතුරට පත්ව ඇත්තේ හසලක උඩදුම්බර ඩිපෝවට අයත් බස් රථයකි.

    අනතුරින් බසයේ ගමන් ගත් පාසැල් දරුවන් 11ක් හා මගීන් 04ක් තුවාල ලබා මොරයාය ග්‍රාමිය රෝහල හා මහියංගන මුලික රෝහලට ඇතුලත් කර ඇත. මේ අනුව මොරයාය ග්‍රාමිය රෝහල 11 දෙනෙකු ද හා මහියංගන මුලික රෝහල යන රෝහල් 04 දෙනෙකුද සුලු තුවාල ලබා නේවාසික ප්‍රතිකාර ලබති.

    රෝදය දෙසින් ලොකු ශබ්දයක් ඇවිත් බසය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගිය බව බසයේ රියදුර පවසයි. අනතුර සම්බන්දයෙන් හසලක පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පොලිස් පරික්ෂණ සිදු කරති.

    accidentctb1 px 900 19 03 2

    accidentctb px 900 19 03 25

     

     

     

     

     

    Latest News