ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා සෘජු මගී ගුවන් සේවා

ජූලි 01, 2023

    ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සිට කටුනායක දක්වා සෘජු මගී ගුවන් සේවා ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරෙනවා.

    ඊට අදාල අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට නියමිතයි. ඊශ්‍රායලයේ ආකියා ගුවන් සේවයයි මෙම සෘජු මගී ගුවන් සේවාව ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ඒ පිළිබඳව දෙරටේ සිවිල් ගුවන් සේවා අංශ අතර, විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් ගුවන් සේවා මෙහෙයුම්වලදී සිදු කරන ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව පූර්ණ පැහැදිලි කිරීමක් මෙහිදී සිදු කෙරුණු අතර, ඒ පිළිබඳව ඊශ්‍රායල නියෝජිතයන් සෑහීමකට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායල රජය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගුවන්සේවාව ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණු බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඊශ්‍රායලයේ සංචාරකයින්ට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඊශ්‍රායලය බලා යාමට සහ ඒමට ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේදී මූල්‍යමය ලාභයක් මෙහිදී හිමි වනවා.

    Latest News