සෞඛ්‍ය පත්වීම් ගෙන වසර 02 කට මාරු බෑ.... රාජිත

මාර් 25, 2019

    නවක සෞඛ්‍ය පත්වීම්ලාභීන්ට වසර 02 ක් යනතුරු ස්ථාන මාරුවීම් ලබා නොදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    නවක පත්වීම්ලාභීන්ට ඇතැම් අවස්ථාවට ස්ථාන මාරුවීම් ලබාදෙන බවට ලැබුණු පැමිණිලි වලට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් පිරිනමා තිබේ.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිතිවල ගැටලු සාකච්ඡා කිරීම සදහා පැවැති රැස්වීමක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් පිරිනැමිණ. පත්වීම් ලිපියේ සදහන් වන පරිදි අනුමත කාල සීමාව පත්වීම ලැබෙන සේවා ස්ථානයේ රාජකාරි කළ යුතු බවත් සාධරණ හේතු මත පමණක් ස්ථාන මාරුවක් ලබාදිය යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටි. තව ද සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරී, තොරතුරු තාක්ෂණවේදී නිලධාරී පුරප්පාඩු සදහා කඩිනමින් බදවා ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. තොරතුරු තාක්ෂණවේදී සේවාව සංවෘත සේවාවක් සදහා පත්කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. ගිලන් රථ රියදුරන්ට විදේශීය පුහුණුවක් ලබාදීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුනි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතාමනී කරුණාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාහසිංහ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින් එක්ව සිටියහ.

    Latest News