කර්ච් මුහුදේ නැවක ගින්නක්

ජන 22, 2019

    ක්‍රිමියාවේ කර්ච් සමුද්‍ර සන්ධියේ නෞකා දෙකක සිදුවූ අනතුරකින් එක් නෞකාවක් ගිනිගෙන තිබේ.

    අනතුරින් නාවුකයින් 11 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී ඇත. එක් නෞකාවකින් අනෙක් නෞකාවට ගෑස් හුවමාරු කරමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත. එක් නෞකාවක සිදුවූ පිපිරීමෙන් අනෙක් නෞකාව ගිනිගෙන ඇත.

    අනතුර සිදවු වහාම රුසියානු නාවුක හමුදාව එම ස්ථානයේ සිටි නාවුකයින් 14 දෙනෙක්ගේ දිවි බේරාගැනීමට සමත්විය. නෞකා දෙකේම කපිතාන්වරු පිළිබඳ මේ වනතෙක් වාර්තා වී නැහැ.

    Latest News