බස් අනතුරකින් සිඟිත්තෙක් මරුට

ජූනි 10, 2023

    දහ අට වංගුව මාර්ගයේ ගුරුළුපොත ප්‍රදේශයේ පිරිසක් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් මාස 06ක සිඟිත්තෙක් මියගොස් තිබෙනවා.

    තුවාල ලැබූ ගණන 25ක්. අනතුරට පත්ව ඇත්තේ බිබිල සේරව ප්‍රදේශයේ පිරිසක්. පිරිස මහනුවර ප්‍රදේශයේ වන්දනා චාරිකාවකට ගොස් පැමිණෙමින් සිටියදී ඊයේ රාත්‍රී 09ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ‍යේ මගීන් 31 දෙනෙකු ගමන්කර ඇත. සිද්ධියෙන් තුවාල ලැබූවන් මහියංගනය රෝහලට සහ හසලක රෝහලට ඇතුලත් කර තිබෙනවා.

    Latest News