අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කළා.
වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කෙරුණේ.
ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමින් අධිකරණය නියෝග නිකුත් කර තිබෙනවා.