ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට ප්‍රමුඛත්වය

ජූනි 07, 2023

    2030 වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලිබල ජාල ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා බලශකිත් අමාත්‍යංශය පවසනවා.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික අවබෝධය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපාරික රාමුව සකස් කිරීමට අවශ්‍ය සහය ලෝක බැංකුව මගින් විදුලිබල මණ්ඩලයට ලබා දෙමින් පවතින බවයි සඳහන් වන්නේ.

    ලෝක බැංකුවේ කලාපීය ජාලගත කිරීමේ වැඩපිළිවෙලේ අධ්‍යක්ෂ සෙසිල් ෆෘමන් සහ ලෝක බැංකුවේ මෙරට කළමණාකරු චියෝ කන්ඩා සමග මේ සම්බන්ධයෙන් සහ පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

    c556b9368baab7965af65bfcb14cf4c1

    Latest News