කෘෂිකර්*ම ක්‍ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජයේ අවධානය

මැයි 31, 2023

    කෘෂිකර්*ම ක්‍ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණයට රජය අවධානය යොමුව තිබෙනවා.

    ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවක දී.
    කෘෂිකර්*ම ක්‍ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සහ මූල්‍ය සුරක්ෂිවතතාව යන ක්‍ෂේත්‍ර සංර්ධනය කිරීමේ දී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව මෙහිදී දීර්ඝ ‍ලෙස සාකච්ඡා කෙරුණා. මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති පියවර ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙසයි, ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ. 

    සාකච්ඡාවට එක්වූ බිල් සහ "මෙලින්ඩා ගේට්ස් පදනමේ" සාමාජිකයන් එහිදී කියා සිටියේ මූල්‍යාධාර සහ නවීණ තාක්ෂටණය සැපයීම සම්බන්ධයෙන් රජය ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව ඒ සඳහා මැදිහත් විය හැකි බවයි. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂායව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News