ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)

මැයි 31, 2023

    ලෝක දුම්කොළ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා.

    ඒ වෙනුවෙන්, අපේ රටේත් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් සංවිධාන කර තිබුණා. ලෝක දුම්කොළ විරෝධී දිනය නම් කෙරුණේ, 1987 දී. ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ‍විසින්‍. දුම්කොළ භාවිතය සහ ඉන් ඇති විය හැකි රෝග සහ මරණ පිළිබඳව ගෝලීය අවධානය යොමු කිරීම මෙම දිනය නම් කිරීමේ අරමුණයි. දැනට ලොවපුරා දුම්කොළ හා දුම්වැටි භාවිතයෙන් මිලියන 8 කට වැඩි පිරිසක් වාර්ෂිකව මිය යනවා. ඉන්, ලක්ෂ 12 ක් පමණ දුම්පානය කරන පුද්ගලයන් ආශ්‍රිතව සිටීමෙන් මරණයට පත් වීම විශේෂත්වයක්.

    Latest News