ජනපතිගෙන් හෙට (01) විශේෂ ප්‍රකාශයක්  

මැයි 31, 2023

    මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 9 ක කාලයේ දී රජය ගෙන ඇති පියවර සහ සමාජ ආර්ථික හා දේශපාලන ප්‍රගතිසංස්කරණ වැඩපිළිවෙළේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශක් කිරීමට නියමිතයි.

    එම ප්‍රකාශය හෙට රාත්‍රී 8.00 සියලුම රූපවාහනි, ගුවන්විදුලි සහ නව මාධ්‍ය අවකාශ ඔස්සේ විකාශය කෙරේ. එමගින්, මෙරට ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර, අපේක්ෂිතත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය එමගින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි, ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ‍.

    Latest News