"උඩ දියලුම" බලන්න ටිකට් කැඩුවට පහසුකම් නෑ

මැයි 30, 2023

    ‍දියලුම දියඇල්ල ආශ්‍රිත "උඩ දියලුම" කොටස නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අයකර ගත්ත ද, කිසිඳු පහසුකමක් නොමැති බවට, සංචාරකයින් චෝදනා කරනවා.

    නිකුත් කෙරෙන ටිකට්පතෙහි ද කිසිඳු නිල මුද්‍රාවක් නොමැති බවයි, ඔවුන් පවසන්නේ.

    ‍හල්දුමුල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරින් මීට මාස කිහිපයකට පෙර සිට දිය ඇල්ල නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුදල් අය කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් සංචාරකයින්ගෙන් රුපියල් 350 ක් සහ දේශීය සංචාරකයින්ගෙන් රුපියල් 50 ක මුදලක් අය කර ගැනෙනවා. සංචාරකයින්‍ට විවේක ගැනීම සඳහා ඉදි කර ඇති කුටියේ ද, කිසිඳු පහසුකමක් නොමැති බවයි, ඔවුන් පවසන්නේ.

    Latest News