ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වෙයි

මැයි 17, 2023

    ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් මහතා, අභාවප්‍රාප්ත වුණා. මිය යන විට එම මහතා පසු වූයේ, 73 වැනි වියේ.

    60 දශකයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රයට හින්දි ගීත ගයනා කරමින් අවතීර්ණ වූ ටෝනි හසන් මහතා, ප්‍රසංග කලාවට නැතිවම බැරි ගායකයෙක් වුණා. චිත්‍රපට පසුබිම් ගායනයෙන් හා ස්වතන්ත්‍ර සිංහල ගීත හා දමිල ගීත ගායනා කරමින්, මෙරට සියලු ජන කොටස් අතර ‍ටෝනි හසන් ජනප්‍රිය ගාය‍කයෙකු වුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව, මාලිගාවත්ත මුස්ලිම් පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

    Latest News