යුද ජයග්‍රහණයට වසර 14ක් - රණවිරු සැමරුම හෙට

මැයි 18, 2023

    වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 14 ක් සපිරෙනවා.

    2009 වසරේ මැයි මස 18 වැනිදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

    ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්.

    පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එහිදී ඉටු කළේ නොනිමි මෙහෙවරක්.

    රට වැසියන් වෙනුවෙන් සෑම අසීරු අවස්ථාවකදිම පෙරට එන අභීත රණවිරුවනි, ඔබට අපගේ උත්තමාචාරය.

    මේ අතර යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    Latest News