දේවගැතිවරයෙකුගේ ප්‍රකාශයක් ගැන වහාම පරීක්ෂණයක්

මැයි 15, 2023

    දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානිවන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ පාර්ශ්ව වෙත නියෝග කර තිබෙනවා.

    ජෙරම් ප්‍රනාන්දු නැමති දේවගැතිවරයෙකු පසුගියදා ප්‍රකාශයක්, මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා, මෙම නියෝගය නිකුත් කළා.

    වගකීම් විරහිත හිතළු ප්‍රකාශ කිරීමෙන් ආගමික ගැටුම් නිර්මාණයවී, එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බව ජනාධිපතිවරයා පවසනවා. මේ පිළිබඳව අවධානය යොමු කළ ජනාධිපතිතුමා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාට නි‍යෝග කළේ, දේවගැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් කරන ලෙසයි. ඒ බව, සාගල රත්නායක මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබෙනවා.

    මේ අතර, බුදුදහමට සහ අනෙකුත් ආගම්වලට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කළ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව භික්ෂූන් වහන්සේ ඇතුලු පිරිසක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

    Latest News