සඳුන්ගම ග්‍රාමසේවකවරිය හා මව ඝාතනය කළ සැකකරුට මාංචු

මාර් 23, 2019

    පිහිඇනුමකින් තිස්සමහාරාම, සඳුන්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හා ඇයගේ මව මියගොස් තිබේ.

    මෙය සිදුව ඇත්තේ, අද උදේ 9.30ට පමණ. ග්‍රාමසේවක නිලධාරිනිය සඳුන්ගම පිහිටි ඇගේ කාර්යාලයේ අද උදේ රාජකාරී කරමින් සිටිය දී ඇයගේ සැමියා විසින් මෙම පිහි ඇනුම සිදු කර ඇති බව, පොලීසිය පවසයි. එම ස්ථානයේ සිටි ඇයගේ මවට ද පිහියෙන් ඇන ඇති අතර, ඔවුන් දෙදෙනාම එම ස්ථානයේ දීම මිය ගොස් ඇත. සැකකරු වයස අවුරුදු 28ක් වන යෝධකන්ඩිය මහදෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු තිස්සමහාරාම පොලීසියට බාර වී තිබේ.

    මීට මාසයකට පමණ පෙර මෙම සැකකරු තම බිරිඳ වූ මෙම ග්‍රාමසේවා නිලධාරිනියට පිහියෙන් ඇන තිබූ අතර ඒ පිළිබඳව වීරවිල පොලීසියේ නඩු විභාගයක් ද පැවැත්වෙමින් තිබේ. මියගොස් ඇති කාන්තාව දෙදරු මවක්. මළ සිරුර මේ වන විට දෙඹරවැව මූලික රෝහලේ තැන්පත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 19:38

    Latest News