සියල්ලට අභියෝගක් - ජනපතිවරණයට JVP අපේක්ෂකයෙක්..... ටිල්වින්

මාර් 23, 2019

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර ජනාධිපතිවරණයක් පවත් වන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් ජනාධිපතිවරණයට තරඟ කරන බව එහි ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ තිස්සමහරාම ආසන බල මණ්ඩල පිහිටුවීමට එක් වෙමින්.

    ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන ආ 20 වැනි සංශෝධනයට සහාය දෙන ලෙස ඉල්ලීමක් කළ බව ටිල්වින් සිල්වා කියා සිටියේය. ඊට මහින්ද රාජපක්ස මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ටිල්වින් සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය. TNA සමග පැවති සාකච්ඡාවේ දී ද ඔවුන් ඒ සඳහා ප්‍රතිපත්තියක් ලෙස සහාය දීමට කැමැත්ත පළ කළ බව ඔහු ප්‍රකාශ කරයි.

    ටිල්වින් සිල්වා “ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම සඳහා දැඩි උත්සාහයක් ගන්නවා. යම් කිසි විදියකින් ඒ කර ගැනීමට අපොහොසත් වුවහොත් සියලු දේශපාලන පක්ෂ වලට අභියෝග කළ හැකි ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයට තරග කිරීමට සුදානම් යැයි ඔහු කියා සිටියේය.

    Latest News