“මොඛා” ප්‍රචණ්ඩ වෙයි

මැයි 13, 2023

    මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‍“මොඛා” සුළි කුණාටුව, ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී තිබෙනවා.

    මේ හේතුවෙන්, එම ප්‍රදේශය ආශ්‍රිතව නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.  “මොඛා” සුළි කුණාටුව මැයි 14 වනදා දහවල් වනවිට බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

    මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News