ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ

මැයි 12, 2023

    ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ‍ලෝකයට සහය දෙන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගක් වුවද, ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, රටවල් රැසක් සහභාගි කරවා ගනිමින් එම කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව, කියා සිටියා. කොළඹ ඊයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා
    ඒ පිළිබඳ අදහස් පළ කළා.

    10 වැනි පරිසර නියමු ජනධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්ත‍වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ පැවැත්වුණා. විශිෂ්ට සේවා ගුරු උපහාර හා විශිෂ්ට පාසල, විශිෂ්ට සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරින් සහ කාර්යාලය ද මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. පරිසර නියමුවන් 129 දෙනෙකුට ජනාධිපති පදක්කම් පිරිනැමුණා.

    පරිසර නියමු ජනාධිපති පදක්කම, ජාතික පරිසර නියමු වැඩසටහනේ දී ලබා ගත හැකි ඉහළම පදක්කම වන අතර, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී ‍එම පදක්කම්ලාභීන්ට අතිරේක ලකුණු 4 ක් හිමි වනවා. විශිෂ්ටතම පාසල ලෙස ජනාධිපති පරිසර නියමු පදක්කම්ලාභීන් 14 දෙනෙකු බිහි කළ අරලගංවිල, විලයාය ජාතික පාසල සම්මාන දිනා ගත්තා. වැඩිම ජනාධිපති පදක්කම්ලාභීන් පිරිසක් බිහි කිරීමට මඟ පෙන්වනු ලැබූ මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය, විශිෂ්ටතම කාර්යාලයට හිමි සම්මානයට පාත්‍ර වුණා.

    Latest News