ළඟ ළඟම එන සුළි කුණාටුව

මැයි 09, 2023

    වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 10 වැනිදා තෙක් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසනවා.

    බෙංගාල බොක්ක ආශ්‍රිත කැලඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී පසුව සුළි කුණාටුවක් බවට වර්ධනය වනු ඇතැයිද, මෙම අඩු පීඩන කලාපයට ලංකාව හරහා සුළං ධාරා ගමන් කිරීම නිසා තාවකාලික මෝසම් වර්ෂා තත්වයක් පවතින බවද ඔහු පවසයි.

    මේ නිසා බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු යන පළාත්වලට උතුරේ සිට දකුණට වෙරළ කලාපය ආශ්‍රිතව වරින් වර මිලි මීටර් 50 ත් 100 ත් අතර වැසි තත්ත්වයක් පවතින බවයි, ඔහු පවසන්නේ.

     

    Latest News