ඊයේ පැවති ‍ඇඹිලිපිටිය අලුත් සහල් මංගල්‍යය

මැයි 06, 2023

    ‍ඇඹිලිපිටිය - අලුත් සහල් මංගල්‍යය ඊයේ පැවැත්වුණා.

    මහවැලි විශේෂ බලප්‍රදේශයේ ගොවි ජනතාව වගා කළ වී අස්වැන්නේ, අග්‍ර කොටස, ඓතිහාසික කතරගම කිරිවෙහෙ‍ර චෛත්‍යය රාජයාණන් වහන්සේට පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා.

    ‍උත්සවය පැවැත්වුණේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මහවැලි කලාපයේ හෙක්ටයාර 12,000 ක පමණ මෙවර වී වගා කර තිබෙනවා. උදෑසන පැවති කිරි ආහාර පූජාවෙන් අනතුරුව කතරගම මහා දේවාලය අසලින් ආරම්භ කළ අලුත් සහල් රැගත් පුද පෙරහර, කිරිවෙහෙර‍‍ චෛත්‍යය දක්වා ගමන් කළා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පළමු සහල් පූජාව සිදු කරනු ලැබුවේ, ඉන් අනතුරුවයි. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය සංවිධාන කර තිබුණා.

    Latest News