අද රාත්‍රීයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

මැයි 02, 2023

    අද රාත්‍රී කාලයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල‍ට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නාය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, ඊයේ රාත්‍රීයේ සිටයි.  බදුල්ල, කෑගල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර යන ප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල හා පස්ගොඩ යන ප්‍රදේශ ඊට ඇතුළත්.

    Last modified on අඟහරුවාදා, 02 මැයි 2023 19:08

    Latest News