IMF ණය විවාදයේ දී ශ්‍රීලනිප සහය රජයට

අප්‍රේ 26, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව පාර්ලිමේන්තු විවාදයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රජයට සහයෝගය පළ කරමින් ක්‍රියා කරන බව, පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    රට ගොඩනැගීමට මේ මොහොතේ ණය ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

    “වෙනසක ඇරඹුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව” අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක එල් ජී ලසන්ත මහේෂ් මහතා සමුළුව සංවිධාන කර තිබුණා. පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඇතුළු පාක්ෂිකයින් රැසක් මීට එක්ව සිටියා.

    Latest News