ගණන් ඉස්සූ බිත්තරේට නඩු වැටෙයි

අප්‍රේ 10, 2023

    හැටන් කොටගල , නොර්වුඩ් යන ප්‍රදේශවල පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ වෙළෙදුන් තිදෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබෙනවා.

    එම ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් වැටලීම සිදුකළා.

    එම වෙළෙදුන් රුපියල් 56 සිට රුපියල් 60 දක්වා විවිධ මිල ගණන් යටතේ සුදු සහ රතු බිත්තර අලෙවි කර තිබෙනවා.

    එමෙන්ම, මිල ප්‍රදර්ශනය නොකරමින් ආහාර ද්‍රව්‍ය අලෙවි කල මස්කෙලිය සහ කොටගල යන නගරවල වෙලෙදුන් තිදෙනෙකුට නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

    Latest News