පොලීසියේ වෙනස් වූ අංකය

අප්‍රේ 04, 2023

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

    ඒ අනූව, නව දුරකථන අංක වන්නේ, 011 - 2887903, 011 - 2887906, 011 - 2887907, 011 – 2887973

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව එහි සඳහන් වෙයි.

    එමෙන්ම ඊයේ (03) සිට මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center - MCC) එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කරන බව දන්වා තිබෙනවා.

    Latest News