කොළඹ කරාම හිස්

මාර් 24, 2023

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (25) ජල කප්පාදුවක් සිදුකරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

    ඒ අනූව හෙට උදෑසන 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක කාලයක් එම ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    කොළඹ, දෙහිවල, ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    එමෙන්ම, මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත හා මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News