මුතුහෙට්ටිගමගේ නඩුව විභාගයට දින 03ක්

මාර් 21, 2019

    පුද්ගලයෙකු පැහැර ගැනිම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහි නඩුව සැප්තැම්බර් 16,17,18 යන දිනවල දිනපතා විභාගයට ගැනීමට ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිශ්ශංක මහතා අද (21) නියෝග කළේය.

    2009 වසරේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් සිරකර තබා ගැනීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ ඇතුළු පස් දෙනෙකුට අධිචෝදනා ගොනු කර ඇත. නිශාන්ත මුතුහෙට්ටිගම, උඩුගම විතානගේ ලලිත් ධම්මික,සෙනවිරත්න ඈපාගේ දිමුතු ප්‍රදිප්,නිරාජ් අසංක ජයවර්ධන,සහ විදානකාරියකරණගේ හසිත අකලංක යන අයට මෙලෙස චෝදනා එල්වි තිබේ.

    රජයේ නිතිඥවරිය කියා සිටියේ අධි චෝදනා බාර දීමෙන් පසු පළමු විත්තිකරුගේ ඇඟිලි ස්වභාවය අනුව ඇඟිලි සළකුණු ලබා ගැනීමට අපහසු බව අධිකරණයේ පොලිස් නිලධාරින් පවසා තිබෙන මීට පෙර නඩුව කැඳවු අවස්ථාවේ ඇය කියා සිටියේය.

    කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇඟිලි සළකුණු රිජිස්ටාර් කාර්යාලයේ නිලධාරියකු ගෙන්වා ඇඟිලි සළකුණු ලබා ගැනිමේ නියෝගයක් ලබා දෙන ලෙස රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියාය.

    මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය අනුව ඇඟිලි සළකුණු රෙජිස්ටාර් කාර්යාලයේ උප පොලිස් පරික්ෂකවරයකු අද පැමිණ සිටියේය. එහිදි පළමුවන විත්තිකරු ඇඟිලි සළකුණු ලබා ගැනිමෙන් පසු මුදා හරින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

    2009 පැවති පළාත් සභා මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකු වු සජින් වාස් ගුණවර්ධනගේ ගල්ල කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරියා ලෙස පැමිණිලිකරු සිටියදි විත්තිකරුවන් පැමිණ මුතුහෙට්ටිගම මහතාගේ කාර්යාලයක් කැඩු බවට චෝදනා කරමින් පැමිණිලිකරු පැහැරගෙන ගොස් සිරකර තබා සාපරාධි බලහත්කාරය පා ඇති බව පැමිණිල්ලෙන් කියා සිටී.

     

    Latest News