මුහුදු නොයන්නැයි ධීවරයන්ට අනතුරු අගවයි

නොවැ 19, 2022

    කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

    ගිණිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට සහ අනිද්දා වන විට මෙරට උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන්.

    Latest News