Update : අතුරුදන් වූ තිදෙනාගෙන් වයස අවුරුදු 10ක ගැහැණු දරුවාගේ සිරුර හමුවේ.

නොවැ 12, 2022

    Update අතුරුදන් වූ තිදෙනාගෙන් වයස අවුරුදු 10ක ගැහැණු දරුවාගේ සිරුර හමුවේ.

    ඔරුවක් පෙරලී තිදෙනෙක් අතුරුදන්...

    සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අද (12) සිදුවූ අනතුරකින් ගැහැණු ළමුන් තිදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

    අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය. ඔරුවේ ගමන් කළ බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකුව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ව රෝහල්ගත කර ඇත.

    දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳාගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි. මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

    මසුන් ඇල්ලීම සඳහා භාවිත කරන කුඩා ඔරුවක පුද්ගලයින් 08 දෙනෙකු ගමන් කිරීම නිසා වැව මැදදී මෙම අනතුර සිදුවූ බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    අතුරුදන් තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

     

    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 18:03

    Latest News