සුරියවැව වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

පෙබ 13, 2020

    සුරියවැව, බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (13) උදෑසන 10.00ට පමණ.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 27 ක් වු බැද්දේවැව, සුරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. මුදල් ආරවුලක් මත මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 12:53

    Latest News