පක්ෂ මාරුව ගැන දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්

මාර් 20, 2019

    පක්ෂ මාරු කිරිමේ කිසිදු සුදානමක් නොමැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

    පක්ෂ මාරු කිරිමේ කිසිදු අවශ්‍යතාවක් මේ වන විට ඇතිවි නොමැති බවත් ඔහු කියා සිටි. එක්සත් ජාතික පක්ෂය හා පවතින හිතවත්කම ජාතික අවශ්‍යතාව අනුව ඇති වුවක් මිස පෞද්ගලික සම්බන්ධයක් නොමැති බවත් ඔහු අවධාරනය කර සිටි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ නොච්චියාගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක “එක්සත් ජාතික පක්ෂයත් එක්ක පුද්ගලික ගමනක් යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ, ජනාධිපතිතුමයි - මමයි එකට තමයි එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැග්ගේ. එක්සත් ජාතික පක්ෂය එක්ක තියෙන ඒ හිතවත්කම, ගණුදෙනුව පුද්ගලික නෙමෙයි, රටක් විදිහට, රට දිනන්න, රට ශක්තිමත් කරන්න යන ගමනකදී ඒ හිතවත්කම තියෙනවා ඒ ඇරෙන්න වෙන දේශපාලනමය පිල්මාරුවක්ව හෝ වෙන යම් දෙයක් පිළිබඳ දුමින්ද දිසානායක හිතලත් නෑ, හිතන්න අවශ්‍යතාවයක් වෙන්නෙත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

    “මම 2014 නොවැම්බර් මාසේ 21 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක පැවති ආණ්ඩුවෙන් එළියට ගිහින් එතුමාව ජනාධිපතිවරයා බවට පත් කළා වගේම, එදා ඉඳන් අද වෙනකම්ම මගේ හැම ප්‍රකාශයකම මම කියලා තියෙන්නේ නැවත වතාවක් ජනාධිපති කරන්නේ වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාමයි , ඒක තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ බලාපොරොත්තුව. බැරි වෙලා හරි එතුමා ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා නම් තමයි අපි වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳ කථා කළ යුතුව තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් සමහර විට දෙමළ ජාතික සංවිධානයෙන් අපේක්ෂකයෙක් දාන්න පුලුවන් තවත් පක්ෂයකින් අපේක්ෂකයෙක් එන්න පුළුවන්, ඒ අපේක්ෂකයෝ පිළිබඳව අපිට දැන්ම කථා කරන්න බෑ. අපි බලමු ඒ සාකච්ජා වල ප්‍රතිපලය මොකක්ද වෙන්නේ කියලා.

    පසුගිය අය-වැය ජන්ද විමසීමේදී නම් ජන්දය ලබා දීමෙන් වැලකී සිටියා, අවසන් ජන්ද විමසීමේදි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා සාකච්ජා කරලා නෑ තාමත්. අය-වැය සම්බන්ධයෙන් විශාල විරෝධයක් අපිට ඇති කරන්න පුළුවන්කමක් නෑ, ඇත්තම කථාව ගත්තොත් මේ රටේ රාජ්‍ය නායකයා වගේම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානිය ලෙස ආණ්ඩුවේ නායකයා වන්නේ ජනාධිපතිතුමන්, ජනාධිපතිතුමන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විට, ජනාධිපතිතුමන් අනෙකුත් සියලුම ඇමතිවරුන්ගේ ආරාධනාවන්ට අනුව ඒ අමාත්‍යංශ වල උත්සව වලට සහභාගී වෙන කොට ජනාධිපතිතුමන්ගේ වැය ශීර්ෂය සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙන කොට, බිලියන අටක් පමණ පොලොන්නරුවේ සංවර්ධනයට පමණක් වෙන් කරලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදු කරන සියලු වැඩසටහන් වෙනුවෙන් මේ ආණ්ඩුව මුදල් වෙන් කරලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා එවන අය-වැය අපිට නරකයි කියන්න පුලුවන්ද? ජනාධිපතිතුමන් මේ ආණ්ඩුවේ සියලු උත්සව වලට සහභාගී වෙනවා.

    විපක්ෂයේ ඉන්නවා නම් හැමදේටම විරුද්ධ විය යුතුයි කියන මතයේ මම නම් නෑ. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට කළ විවේචනයන් පුද්ගලික විවේචනයන් නෙමෙයි. හැමදාමත් ප්‍රතිපත්ති මතයි දුමින්ද දිසානායක විවේචනය කලේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක පුද්ගලික ගමනක් යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ, හැබැයි අපි යහපාලන ආණ්ඩුව හැදීමත් එක්ක ප්‍රධාන පක්ෂ දෙකේ තියෙන පළිගැනීම් අපිට නවත්වන්න හැකියාව ලැබුණා. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණය තමයි පළිගැනීම් අවම මැතිවරණය. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපතිතුමන්ගේ තියෙන සම්බන්ධය මටත් තියෙනවා“ යැයි ඔහු කියා සිටි.

    Latest News