ගෝඨාභය රාජපක්ෂ සුදුසුම ජනපති අපේක්ෂකයා..... ඇමති රාජිත

මාර් 20, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට එම අපේක්ෂකයාට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. සුළු ජාතීන් සමග කෑම මේස වල වාඩි වී සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතක නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව සදහන් කරයි. 2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ද දකුණේ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස කළත් එය පරාජය කිරීමට අපට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදයට ජනතාව තවත් ඡන්දය නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    Latest News