සරු අස්වැන්නට ආ රුක්මල් වාසනාවක් ද

මාර් 20, 2019

    දඹුල්ල කණ්ඩලම ඇරෑවුල වෙල්යායේ වීශාල කුඹුරු ප්‍රමාණයක රුක්මල් පිපී ඇතැයි ගොවීහු කියති.

    වී අස්වැන්න නෙලීමට අස්වනු නෙලීම ආසන්න වු විට වගාවේ රුක් මල් පිපෙන බව පැරැන්නෝ සඳහන් කොට තිබේ. ඉතා සාර්ථක අස්වැන්නක් ලැබෙන විට වී වගාවේ රුක් මල් පීදෙන බව එයින් කියවේ.

    කණ්ඩලම ඇරෑවුල ගොවි බිම්වල සාර්ථක අස්වැන්නක් ලැබී ඇති නමුත් රුක්මල් පීදීමෙන් අස්වැන්නට හානි පැමිණවිමක් සිදුවිය හැකි බවයි ගොවින් පවසන්නේ. දිනෙන් දින වගා බිම් රුක්මල් පීදීම හේතුවෙන් අස්වැන්න අඩු වී ගොවීන්ට හානිදායක තත්ත්වයක් මතුවෙන බව ඇරැවුල ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. වී ඇටය බොල්වී කහපැහැ ගැන්වී සහ කළු පැහැයට හුරුව විනාශ වී යන බවත් ඔවුහු පවසති.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොදු තොරතුරු දැනගැනීමේ දුරකථන අංකයෙන් ගොවින් විමසීමේදී ප්‍රකාශ කර ඇත්තේ රුක්මල් පීදීම අස්වැන්න වැඩි විමේදී සිදුවන ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් මෙවර පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විශාල ලෙස වගාවන්වලට පැතිර යන බව ප්‍රකාශ කර ඇත. ඊට විසඳුමක් මෙතෙක් සොයාගෙන නැති බව ගොවීන්ට දැනුම්දුන් බව ඔහු කියති.

    රුක්මල් නම බොහෝ දෙනා අසා තිබුණත් රුක්මල් පිපුණු කුඹුරු යායවල් දැකගැනීමට ඇත්තේ ඉතාමත් දුර්ලභව බව සඳහන්වේ. පැරණි ගොවීන් පතපොත මෙන්ම කවියට ගීතයට පවා නගා ඇත්තේ රුක්මල් පිපීම ගොවියගෙ වාසනාවකට සිදුවන දෙයක් බවයි. කෙසේ වෙතත් මෙම රුක් මල් පිපීම දිලීර රෝගයක් බව කෘෂිකර්ම උපදේශකවරු පවසති. එහෙත් අස්වැන්නේ විශාල අඩුවක් සිදු නොවන බව ද කියති.

    rukmalpaddy1 px 900 19 03 2

    rukmalpaddy2 px 900 19 03 2

    Latest News