කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනයේ මෙහෙයුම් යළි ඇරඹේ

නොවැ 02, 2020

    කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග වසා දැමූ කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනයේ නැව් අලුත්වැඩියා සහ නැව් නිෂ්පාදන මෙහෙයුම් අද(02) යළි ආරම්භ විය.

    ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලවයි.

    ආයතනය තුළ PCR පරීක්ෂණ 2000කට ආසන්න සංඛ්‍යාවක් සිදුකර ඇත.

    ආසාදිත සේවකයන් ප්‍රතිකාර සඳහාත් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහාත් යොමු කෙරිණ.

    Latest News