වතුර බිලට පොලු තිබ්බොත් තවත් බිලක්

නොවැ 02, 2022

    ජල බිල්පත් ගාස්තු ගෙවීම් ප්‍රමාද කරන රාජ්‍ය ආයතන සඳහා ඉදිරියේ දී ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

    ලබන වසරේ ජනවාරි සිට එම ගාස්තු අය කිරීමට තීරණය කර ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

    ඒ අනූව රාජ්‍ය ආයතන වෙත ජල බිල්පත ලැබී දින 90ක කාලයක් තුළ එහි ගෙවීම් කළ යුතු අතර එසේ නොවන්නේ නම් එම රාජ්‍ය ආයතනය සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද කටයුතු කරන බවයි, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    Latest News