ඕස්ට්‍රේලියානු යුද නෞකා දිවයිනෙන් පිටත්ව යයි...

ඔක් 27, 2022

    කොළඹ වරායට පසුගියදා සේන්දුවූ රාජකීය ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙක අද දිවයිනෙන් පිටත්ව ගියා.

    ඒ, මෙරට නාවික හමුදාව සමග පැවති අභ්‍යාසයකින් පසුවයි. ‘ඉන්දු-පැසිෆික් එන්ඩෙවර්-2022’ වැඩසටහනට සහභාගි වීම සඳහා පසුගිය 25 වැනිදා එච්.එම්.ඒ.එස්. ඇඩිලේඩ් සහ එච්.එම්.ඒ.එස්. ඇන්සාක් යන නෞකා දෙක මෙරටට පැමිණියා. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුරළ හා සිදුරළ යන නෞකා සමගයි නාවික අභ්‍යාසය පැවැත්වුණේ. නෞකා හැසිරවීම හා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර භාණ්ඩ හා පණිවුඩ හුවමාරුව, නෞකා මතට හෙළිකොප්ටර් යානා බැස්සවීම, එම නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීම යන අභ්‍යාසයන් ඊට අයත්. විදේශීය නාවික හමුදාවන් සමග සිදු කෙරෙන මෙවැනි අභ්‍යාස මගින් ලබාගන්නා දැනුම හා අත්දැකීම් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජය ගැනීම සදහා ඉවහල් වන බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ.

    Latest News