දිපවාලී දිනය අදයි

ඔක් 24, 2022

    හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවය වූ දීපාවලී උත්සවය අදට යෙදී තිබෙනවා.

    ලොවපුරා හින්දු බැතිමතුන් මේ නිමිත්තෙන් විශේෂ පූජාවලට එක් වුණා.

    දීපාවලී උත්සවය සැමරීමට ප්‍රධානතම කාරණාව වී ඇත්තේ, “නරගාසුර” නමැති අසුරයාගේ මරණින් පසු එය සැමරීමයි. එමෙන්ම, උත්සව දින පවත්වනු ලබන විශේෂ පූජාවලින් ජීවිතයට නව එළියක් ලැබෙන බවට හින්දු භක්තියන් විශ්වාස කරනවා.

    විෂ්ණු දෙවියන්, තම ජීවිතයට එළිය ලබා දුන් දිනයක් ලෙසයි, හින්දු භක්තිකයන් දීපාවලී දිනය සමරන්නේ.

    උත්සව සමයේදී පහන් දැල්වීම සම්ප්‍රදායක්. හින්දු භක්තිකයන් සිය නිවස අලංකාරවත් කරමින් කෝවිල්වල පැවැත්වෙන පූජාවලදී ශිව, විෂ්ණු හා ගණ යන ප්‍රධාන දෙවිවරුන් වන්දනා කරනවා. ආහාර අනුභවය ද උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක්.

    දීපාවලී දිනට පෙර දින 21 ක් උපවාසයේ යෙදී සිටින හින්දු භක්තිකයන් එය අත්හිරිනු ලබනවා. එම උපවාස කාලය හැඳින්වෙන්නේ, “කේ දාර ගෞරි” යනුවෙන්.

    Last modified on සදුදා, 24 ඔක්තෝබර් 2022 09:23

    Latest News