අන්තරේ මහීල්ට ඇප

මාර් 18, 2019

    උද්ඝෝෂණයක් අතර තුර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණියට තරයේ අවවාද කර ඇප මත නිදහස් කෙරිණ.

    ඒ අද දින ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා හමුවට ඉදිපත් කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව මහීල් බණ්ඩාරට
    රුපියල් එක් ලක්ෂ 50,000ක ශරීර ඇප නියම කෙරිණ.

    රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත අහෝසි කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් සංවිධාන කළ උද්ඝෝෂණයක් අතරතුර මහජනතාව පීඩාවට පත්වන ලෙස කටයුතු කිරීම ඔහුට ඇති චෝදනාවයි. ඒ අනූව පසුගිය 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගැනිණ. 

     

    Last modified on සදුදා, 18 මාර්තු 2019 11:53

    Latest News