බස්නාහිර පොල් වගාවට සුදු මැසි උවදුර

ඔක් 11, 2022

    බස්නාහිර පළාතේ පොල් සහ තැඹිලා වගා ආශ්‍රිතව සුදු මැසි උවදුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව,  පොල් ප‍ර්ශේෂණ ආයතනය පවසනවා.  මේ නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අස්වැන්න ද යම් අඩුවක් පෙන්නුම්කරන බවයි, වගාකරුවන් පවසන්නේ. 

    2019 වසරේ පළමුවරට කෑගල්ල ‍දිස්ත්‍රික්කයෙන් මෙම රෝගය හඳුනාගැනුනා.  මේ වන විට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල පොල් හා තැඹිලි වගාව ආශ්‍රිතව ඉහළ සුදු මැස්සන් ගහනයක් පෙන්නුම් කරන බවයි,  පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ. 

    සියලුම වයස් කාණ්ඩවල පොල් ගාස් හා තැඹිලි ගස් මෙම උවදුරට ගොදුරු වී තිබෙනවා.  ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ සුදු මැස්සන්ගෙන් තම වගාවට සිදුවන හානි අවම කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි. 

    සුදු මැසි උවදුර පිළිබඳ වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය මගින් මේ දිනවල ක්‍රියාත්මක කෙරෙනවා. 

    Latest News