උතුරට නව පොල් ත්‍රිකෝණයක්

අප්‍රේ 13, 2023

    උතුරු පළාත නව පොල් ත්‍රිකෝණයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පොල් සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    යාපනය, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක ඊට අයත්.

    තල්වලට ප්‍රසිද්ධ උතුරු ‍පළාත, පොල් සමග ඒකාබද්ධ කිරීම මේ වැඩපිළිවෙළේ එක් අරමුණක්. උතුරු පළාතේ පොල් ගස් ලක්ෂ 5 ක් දැනටත් සිටුවා තිබෙනවා. ඉන් වසරකට පොල් ගෙඩි මිලියන 90 ක පමණ ලබා ගැනෙනවා. නව ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ අලුතින් පොල් පැල ලක්ෂ 5 ක් සිටුවීමට නියමිතයි. තවත් අදියර දෙකකදී පැල ලක්ෂ 10 ක් වගා කෙරෙනවා. මීට අමතරව, එම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත විශාල කර්මාන්තශාලා කිහිපයක් ද ආරම්භ කෙරෙනවා. විදෙස් ගත ද්‍රවිඩ ජාතික ආයෝජකයන් මෙම ව්‍යාපෘති සඳහා දායකත්වය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. එමගින්, උතුරු පළාත සංවර්ධනය කිරීමට ද අරමුණක්.

    මෙමගින් වාර්ෂික ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් ලබා ගත හැකි වනවා. වගාවට සුදුසු පහත් බිම් අක්කර 10 ,000 ක් හඳුනාගෙන, ඒවා ආ‍යෝජකයන්ට ලබා දීමටයි, තීරණය කර තිබෙන්නේ. මීට අමතරව, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයටත් මෙමගින් අවස්ථාව ලැබෙන බව, සභාපතිවරයා පවසනවා.

    Latest News