මෙරට ප්‍රථම ජීවානුහරණ ඖෂධ නිෂ්පාදනාගාරය විවෘත කෙරේ...

ඔක් 10, 2022

    රට ‍ගොඩනැගීමට අවශ්‍ය වන්නේ, ආණ්ඩුවෙන්-ආණ්ඩුවට වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළට ඔසවා තැබීමට සහ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට එය ප්‍රධාන වශයෙන් බලපාන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.  ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායක ආයා්ජන කලාපයේ ඉදි කර තිබෙනවා. 

    එම පරිශ්‍රයට පැමිණි ජනාධිවරයා සමරු ඵලකය නිරාවරණය කර ඖෂධ නිෂ්පාදනාගාරය නිල වශයෙන් විවෘත කළා.  මෙහි නිෂ්පාදනය කෙරෙන ඖෂධ දේශීය වෙළෙඳපොළ මෙන්ම, විදේශීය වෙළෙඳපොළද ඉලක්ක කර ගැණෙනවා.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අමාත්‍යවරුන් පක්ෂ-විපක්ෂ ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පිරිස ඖෂධාගාරය නිරීක්ෂණය කළා.  අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා කියා සිටියේ, තරගකාරී හා නවීන තාක්ෂණය යොදා අපනයන ආර්ථිකයක් සකස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමට කටයුතු කරන බවයි.

    Latest News