ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

ඔක් 10, 2022

    ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. මෙවර එහි තේමාව වන්නේ, මානසික සෞඛ්‍ය හා යහජීවන පැවැත්මට ගෝලීය ප්‍රමුඛතාවයක් ලබාදීමට ක්‍රියා කිරීම යන්නයි.

    ලෝක මානසික සෞඛ්‍ය දිනය මෙවර ශ්‍රී ලාංකිකයන් සමරනු ලබන්නේ, සමාජ හා ආර්ථික පීඩාකාරී වටපිටාවක් තුළයි. කොරෝනා වසංගතයෙන් ඇරඹි වත්මන් සමාජ අර්බුදය දක්වා මෙම අර්බුදකාරී තත්වය පොදුවේ සෑම ස්ථරයකම ජීවන් වන මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා.

    එදිනෙදා ජීවිතයේදී ඇති වන විවිධ සමාජ, ආර්ථික ගැටලු හේතුවෙන් මානසික පීඩන ඇති වුවද, එම ආවේග පාලනය කර ගැනීම අන්තර් පුද්ගල සම්බන්ධතා රැක ගැනීම හා විශ්වාසය නොවෙනස්ව තබා ගැනීම වර්තමාන අර්බුදකාරී වාතාවරණය තුළ යහපත්ව ජීවත්වීම සඳහා උපයෝගී වනවා.

    පළිගැනීම, ප්‍රචණ්ඩකාරී බව හා සමාජ වෛරය වෙනුවට කරුණාව, සහෝදරත්වය හා එකමුතුකම මානසික සෞඛ්‍ය සඳහා අත්‍යවශ්‍ය වන බවයි, ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ.   

    Latest News